16 වැනි ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පැවැත්විණි.
සාර්ථකත්වය සඳහා වෙළෙඳාම - සම්බන්ධවීම, තරග කිරීම, වෙනස්වීම යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
ජිනීවා හි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව සමුළුව සංවිධානය කරයි.
කලාපීය හා ගෝලීය තරගකාරීත්වයේදී බලපාන ගැටලු, නව වෙළෙඳ පොළ හා සංවර්ධනයේ භූ දර්ශනය මෙන්ම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ග වෙත අවධානය යොමු කිරීම, මෙරට අපනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර ගැණුම්කරුවන් හා ජාලගත වීමට හා දිගුකාලීන වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීමට පිටුබලය සැපයීමද මෙම සමුළුවේ අරමුණ වී තිබේ.
එමෙන්ම, ශක්තිමත් අපනයන ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම සැකසීමද මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ.
සමුළුව හා සමගාමීව ව්‍යාපාරික සම්මන්ත්රණ මාලාවක් හා මුහුණට මුහුණ පැවති ව්‍යාපාරික හමුවීම් මාලාවක්ද සංවිධානය කර තිබුණි.