ශ්‍රී ලංකාව සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින්, බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීම මහතා පවසා සිටියේය.
2017 ලෝක බැංකුව/ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබේ.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් සහිත, සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින, සමාජයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බවයි.
එමෙන්ම උප රාජ්‍ය ලේකම් ෂැනන් මහතා අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් සහයෝගය ලබාදෙන බවයි.
තවද අමාත්‍ය සමරවීර මහතා විදේශ අමාත්‍යධුරයේ සිටියදී වසර 2016 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාද වටයේ දෙවැනි සැසියට එළැඹන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ෂැනන් මහතා ප්‍රකාශ කළ බව එම අමාත්‍යාංශය පවසයි.