වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ සිටින බවත්, එහිදී ප්‍රධාන වශයෙන් දේශීය වෙළෙඳ පොළ මත යැපීමට ශ්‍රී ලංකාවට සිදුවන බැවින් ජාත්‍යන්තර ණය හා ආධාර ලැබෙන තෙක් බලා නොසිට රුපියල් හා ඩොලර් බැඳුම්කර හරහා මුදල් එක්රැස් කිරීමට කටයුතු කරන බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පසුගිය 25 වැනිදා මහ බැංකුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
"වර්තමනය වනවිට අප සිටින්නේ පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩය තුළයි. ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවෙයි. මේ හේතුව නිසා දිළිඳුබව තුරන් කිරීමේ වැනි ණය ආධාර සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ. එහිදී ප්‍රධාන වශයෙන් දේශීය වෙළෙඳ පොළ මත යැපීමට අපට සිදුවෙනවා. ජාත්‍යන්තර ණය හා ආධාර ලැබෙන තෙක් බලා නොසිට රුපියල් හා ඩොලර් බැඳුම්කර හරහා මුදල් එක්රැස් කරන්න අප කටයුතු කරන්නේ ඒ නිසයි" යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේය.
මෙහිදී වඩාත් අර්ථාන්විත අයුරින් ෆිස්කල් ප්‍රතිපත්ති තීරණය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව මහද බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියේය.