ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ 2016 උපාය මාර්ග සමුළුව ජූලි මස 26 හා 27 යන දෙදින තුළ ගල්කිස්ස මහ හොටලයේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, මෙම සමුළුවේ ප්‍රධාන සවිබලය සැපයීමට මෙරට ප්රමුඛ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ පීරස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය පවසයි.
ඊට අදාළ අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය වෙත පිරිනැමීම පසුගියදා සිදුකෙරුණු අතර, මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම උසස් නිලධාරීහු සහභාගී වූහ.