ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්වැන් සෙයිඩි වැන් අබ්දුල්ලා මහතා හමුවීමේ අවස්ථාවක්, හෙට (29දා) සිය ශ්‍රවනාගාරයේදී සංවිධානය කිරිමට කටයුතු යොදා ඇතැයි ජාතික වාණිජ මණ්ඩලකය පවසයි. ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අවස්ථාව උදාකර දෙන බවද එම මණ්ඩලය පවසයි. ඒ අනුව, අංක 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩලයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වාමෙම හමුවීමේ අවස්ථාව හිමි වෙයි.
මැලේසියාව වසර 50ක් පුරාවට 6.5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගනිමින් ආසියානු කලාපය තුළ කැපී පෙනෙන ආර්ථිකයක් බවට පත්වී ඇත. එහි ආර්ථිකය සම්ප්‍රදායිකව එහි ස්වභාවික සම්පත් මගින් පෝෂණය වී ඇතත් විද්‍යාව, සංචාරක ක්ෂේත්රය, වාණිජ හා වෛද්‍ය, සංචාරක අංශයන්හිදීද ප්‍රසාරණය වී ඇත. එසේම වර්තමාන මැලේසියාව නව කාර්මික වෙළෙඳ පොළ ආර්ථිකයක් බවට පත් වී ඇත.
ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර වෙළෙඳාම පසුගිය වසර කිහිපය පුරා වර්ධනය වී ඇති අතර, මැලේසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ සහායකයෙක් වී ඇත. වසරේ මුල් භාගයේ දී මැලේසියාවෙන් කරනු ලබන ආනයන 44% කින් ඉහළ ගොස් ඇති අතර, එහිදී පාම් තෙල් නිෂ්පාදන හා දැව ආශ්රිීත නිෂ්පාදන ආනයනය ඉහළ යාම ඊට හේතු වී ඇති බවද මණ්ඩලය කියයි.
ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට කරනු ලබන අපනයන වනුයේ ස්වභාවික රබර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන (ටයර්, අත්වැසුම් ආදිය), මැණික්, තේ, ඇඟලුම්, පොල් යනාදියයි. ශ්‍රී ලංකාවට මැලේසියාවෙන් කරනු ලබන ආනයන වනුයේ ඛනිජ තෙල්, පාම් තෙල්, දැව, දැව නිෂ්පාදන, රබර්, රබර් නිෂ්පාදන, කොකෝවා සහ කොකෝවා ආශ්රිත නිෂ්පාදන, එළවළු මේද, රසායනික ද්රනව්යර, යූරියා, ප්ලාස්ටික් භාණ්ඩ, යකඩ සහ වානේ යනාදියයි.
එසේම ඉදිරි ආයෝජන අවස්ථා ඇති ක්ෂේත්‍ර, ලෙස තොරතුරු තාක්ෂණ සේවා, ඇඟලුම් හා රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික උපාංග, මෝටර් රථ කොටස්, රබර් හා රබර් ආශ්රිලත නිෂ්පාදන, කෘෂිකර්ම/කෘෂි සැකසුම් ව්‍යාපෘති, අපනයන සඳහා සාම්ප්‍රදායික නොවන භාණ්ඩ නිෂ්පාදනය යනාදිය දැක්විය හැකි බව ජාතික වාණිජ මණ්ඩල්‍ය පවසයි.
මෙම අවස්ථාව සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය හෝ [email protected], [email protected] යන විද්‍යුත් ලිපිනඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ විය හැකි බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.