මුල්‍ය නීති පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකුම විය යුතු යැයි සඳහන්ව නොමැත. ශ්‍රී ලාංකිකයෙකු නොවූ පමණින් මහ බැංකු අධිපති ධුරය දැරීමට අවශ්‍ය ඉහළ සුදුසුකම් සපුරා ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ දේශපාලනික උවමනාව පිරිමැසීමට කර ගසා ඇති බහුතරය ඔහු උපතින් ශ්‍රී ලාංකිකයෙකු බව නොදන්නවා විය හැකිය.
උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රස්ත්‍රපති උපාධිය ලබා ඇත. 1983 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවට මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණු ඔහු, වසර 10 ක කාලයක් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අර්ථ ශාස්ත්රඥයකු ලෙස සේවය කළ අතර, රටේ පැවැති අර්බුදකාරි තත්ත්වයන් මත 1993 වසරේදී සේවයෙන් ඉවත්ව ජාත්‍යන්තර තලයේ බැංකු ක්ෂේත්‍ර‘යේ තනතුරු රැසක් හෙබවිය. සිංගප්පූරුවේ ආයෝජනය පිළිබඳව බැංකුකරණය සම්බන්ධ කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් සහ ආසියාවේ ප්‍රධාන ආයෝජන උපාය මාර්ගික සැලසුම්කරු ලෙස එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කළ මහේන්ද්‍රන් මහතා ලෝක ආර්ථිකය, එහි නව ප්රවණතා පිළිබඳ හසල දැනුමක් ඇති ජාත්‍යන්තර තලයේ විශ්ලේෂකයෙක් බව පැවසිය යුතුය. ඉන් පසුව එමිරේට්ස් එන්.බී.ඩී. බැංකුවේ ප්‍රධාන ආයෝජන නිලධාරී වශයෙන් සේවය කළ ඒ මහතා 2001-2004 කාලයේදී ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද සේවය කර ඇත. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් සමුදායක් ඇති ඔහු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 ජනවාරි 23 වැනිදා සිට ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍ර‘යේ ඔහු විසින් ලබා ඇති අත්දැකීම් හා මනා පලපුරුද්ද මෙන්ම, ඔහු උපතින්ම ශ්‍රී ලාංකිකයෙකු නිසාය. ඒ මහතාගේ ජාතිකත්වය පිළිබඳ ගැටලුව දඩමීමා කර ගනිමින් රජයටත්, පෞද්ගලිකව මහේන්ද්‍රන් මහතාටත් පහර ගැසීමටත්, ඒ හරහා දේශපාලනික උවමනාවන් සපුරා ගැනිමටත් ඇතමෙකු කටයුතු කළ ආකාරය පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා දැකගන්නට ඇත.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සෘජු සහභාගීත්වයක් නොමැති බවටත්, එය මහ බැංකුවේ ටෙන්ඩර් ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුකළ බවටත්, ත්‍රිපුද්ගල කමිටු වාර්තා මගින් පෙන්වා දී තිබියදීත් සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දෝශීභාවය තහවුර කර තිබියදීත් තවදුරටත් ඔහුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පසුපස ඇති දේශපාලන උමවනාව කුමක් දැයි පැහැදිලි කර ගැනීම ඔබ සතු කාර්යයකි.
බොහෝ රටවල් මහ බැංකු අධිපති ධුරය වැනි විශේෂිත තනතුරු සඳහා විදේශිකයන් සේවා නියුක්ත කරන අරත, එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රම වෙළෙඳ පොළේ දැකිය හැකි ප්රවණතාවයකි. එංගලන්ත මහ බැංකුවේ අධිපතිරයා කැනේඩියානු ජාතිකයෙකු වන මාර්ක් කානි මහතාය.
වඩා වැදගත් වනුයේ මුදල් නෝට්ටුවේ අත්සන යොදා ඇත්තේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන් ද යන්න නොවන අතර, මුදලේ දේශීය අගයත්, විදේශීය අගයත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයෙකු මහ බැංකු අධිපති ධුරය දැරීම බව තේරුම් ගැනීමට ඇතමුන්ට නොහැකි වීම රටේ අවාසනාවකි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහේන්ද්‍රන් මහතා සතුව ඇති ආර්ථිකමය දැනුම දේශනයට සහභාගි වූ අයට වැටහෙන්නට ඇත. රටේ අවශ්‍යතාව මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළ හැකි, ඒ සඳහා අවශ්‍ය කුසලතා සහිත අධිපතිවරයෙක් එම තනතුර දැරීම යැයි වටහා ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතු බව අවසන් වශයෙන් පැවසිය යුතුය.