ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ පුහුණු කිරීමේ ආයතනය වන, ශ්‍රී ලංකා ප්‍රින්ට් මීඩියා ඇකඩමිය මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා සඳහා නවතම කණ්ඩායම් බඳවාගැනීම දැන් අරඹා තිබේ. ග්‍රැෆික් ඩිසයින්, ඔෆ්සෙට් ලිතොග්‍රැෆි, ස්ක්‍රීන් මුද්‍රණය, වෙබ් අඩවි නිර්මාණය, ෆොටොෂොප් මෘදුකාංග පුහුණුව සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලා මේ අතර වන බවත් ඔවුන් පවසයි.
ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ පවතින වෘත්තීය නිපුණතා මට්ටම වර්ධනය කිරීම සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රින්ට් මීඩියා ඇකඩමියේ මූලික අරමුණ බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.facebook.com/SLPMAOffice/ වෙත පිවිසෙන්න.