ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සම්මන්ත්‍රණය අද (10දා) ප.ව.6.00ට වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරමින් අමාත්‍යවරයා මීට සහභාගි වන බව කියයි.
එමෙන්ම, ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සභාපති වරලත් ගණකාධිකාරී ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.