ශ්‍රී ලංකා - ඇමෙරිකා දශක හතක සැමරුම්
වසර 70ක ශ්‍රී ලංකා සහ ඇමෙරිකා එක්සත් ජනපද සබඳතා (#USASL70) සමරනු වස් ඇමෙරිකානු ජෑස් සංගීතඥ වයික්ලිෆ් ගෝර්ඩන් සහභාගී වන සංගීත ප්‍රසංග කිහිපයක් සංවිධානය කිරීමට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
මෙම ජෑස් සංගීත ප්‍රසංග කොළඹ, ගාල්ල හා මාතර යන නගරවලදී පැවැත්වීමට වයික්ලිෆ් ගෝර්ඩන් ප්රමුඛ ඔහුගේ සංගීත කණ්ඩායම පසුගිය 24දා සිට 28දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව තානාපති කාර්යාලය කියයි. ඒ අනුව, පෙබරවාරි 24දා ප.ව.12.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ප.ව.5.00 ට ගාලු මුවදොර පිටිය සහ ප.ව.6.30 ට විහාර මහාදේවි උද්‍යානයේ ප්‍රසංග පැවැත්විණි. එමෙන්ම, එළැඹෙන පෙබරවාරි 27දා ප.ව.5.00 ට ගාලු කොටුව ආදී වශයෙනුත් ප්‍රසංග සංවිධානය වනු ඇත.
සුප්‍රසිද්ධ සංගීතඥයෙක්, සංගීත රචකයෙක් හා සංගීතය මෙහෙයවන්නෙක් වන වයික්ලිෆ්, වින්ටවන් මාසේලිස් වාදක කණ්ඩායමේ සාමාජිකයෙකුද වෙයි. එමෙන්ම, ඔහු ලින්කන් මධ්‍යස්ථානයේ ජෑස් වාද්‍ය වෘන්දයේ ආරම්භක සාමාජිකයෙකුද වෙයි. ඔහුගේ 'Jazz a la Carte' ප්‍රසංගය ජෑස් ඉතිහාසයේ හොඳම අවස්ථා පහෙන් එකක් ලෙස වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත නම් කර ඇති අතර, වර්තමානයේදී ඔහු ජෝර්ජියා රීජන්ට්ස් විශ්වවිද්‍යාලයේ නේවාසික සංගීතඥයා ලෙස කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

