ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇරඹෙයි
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින ආර්ථික අර්බුදය රටෙහි මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද තේරුම් ගැනීම වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කර සිටියේ අද (02දා) පෙරවරුවේ කොළඹදී ආරම්භ වුණු 17 වැනි 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016' සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. ඒ අනුව මේ තත්ත්වය තේරුම් ගෙන ඒ සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී ඊට අනුග්‍රහය දැක්වීම සියලු දෙනාගේම යුතුකම බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016' අගෝස්තු 03 වැනිදා අවසන්වීමට නියමිතව තිබේ. 'අවධානය, ක්‍රියාත්මකවීම, ඉටු කිරීම' යන තේමාව යටතේමෙවර සමුළුව සංවිධානය කෙරුණි. විශේෂයෙන්ම රටේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ආර්ථික ශක්තීන් භාවිතයට ගන්නා ආකාරය පිළිබඳව මෙම සමුළුව පැවැති දින දෙකේදී සාකච්ඡාවට බදුන් කිරීමටද නියමිතව තිබුණි.
එසේම ආර්ථිකය සම්බන්ධයෙන් මෙරට පැවැත් වූ ප්‍රමුඛතම වාර්ෂික සමුළුවක් වන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැදගත් මාතෘකා වන වර්ධන මට්ටම් ඉහළ නංවා ගැනීම, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වය, සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර වෙළෙඳාම හා ප්‍රවර්ධනය, හැකියා වර්ධනය, වාණිජමය කෘෂිකර්මාන්තය හා අර්බුදයට ලක්ව තිබෙන රාජ්‍ය ආයතන යනාදිය සම්බන්ධයෙන් සැසිවාර හතකදී කරුණු සාකච්ඡා කෙරෙන බවත් ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සඳහන් කර සිටියි.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.















