ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගෝලීය ගුවන් සේවා සන්ධානයක් වන ‘වන්වර්ල්ඩ්’ (oneworld Global Alliance) හා එක්වන ඉන්දියානු උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව වශයෙන් 2014 මැයි මස 1 වැනිදා ඉතිහාසයට එක්වීමේ දොරටු විවර කරගෙන ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව ගුවන් සමාගම ‘වන්වර්ලඩ්’ සන්ධානයේ පරිපූර්ණ සාමාජිකයෙකු වශයෙන් සිය පාරිභෝගිකයන්ට අතිවිශාල ප්රතිලාභ සහ සේවාවන් රැසක් අත්පත් කරදීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දෙයි.
‘වන්වර්ල්ඩ්’ ගෝලීය සන්ධානය හා එක්වීම සඳහා ගුවන් සමාගම දීර්ඝ කාලයක සිට ඉතා සාර්ථක අන්දමින් විවිධ පරීක්ෂණ සහ හා කඩඉම් පසුකරන ලද බව පැවසෙයි. ඒ අනුව ‘වන්වර්ල්ඩ්’ ප්‍රධාන කණ්ඩායම සමග එක්ව කැතේ පැසිෆික් එයාර්වේස් මගින් මෙහෙය වන ලද සූදානම් වීමේ පරීක්ෂණ සියල්ල ගුවන් සමාගම විසින් සම්පූර්ණ කරන ලද බවද එම සමාගම පවසයි.
වන්වර්ල්ඩ් සමූහය ව්‍යාප්ත කිරීමේ එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙසේ එදින එක් වන අතර, 2014 මාර්තු 31 වැනිදා වනවිට ‘වන්වර්ල්ඩ්’ සන්ධානය සමග TAM සහ US එයාර්වේස් එක්වීමට නියමිත බවද පැවසෙයි.