ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සදහා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් මෙන්ම ශක්‍යතා සංවර්ධන වැඩසටහනක් පවත්වා තිබේ.
ජාතික ගුවන් සමාගමේ කළමනාකරුවන් අතරින් තම රැකියාවන් හි වගකීම් ගණනාවක් දැරීමේ හැකියාවන් සහ උසස් කළමනාකරණ තනතුරු හොබවන පිරිසක් මෙම වැඩසටහන සඳහා තෝරා ගෙන ඇති බව පැවසෙයි.
මේ සඳහා සම්පත් දායකකරුවන් ලෙස ආචාර්ය ට්‍රැවිස් පෙරේරා, ආචාර්ය අජන්ත ධර්මසිරි සහ මහාචාර්ය උදිත ලියනගේ යන මහත්වරු විසින් තොරාගත් කළමනාකරුවන් 30ක් සඳහා සැසිවාර පවත්වා තිබේ.
මේ අනුව තීරණ ගැනීම, ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන්, නායකත්ව කළමනාකරණය, උපාය මාර්ගික කළමනාකරණය, තරඟකාරි වාසි සැලසුම්කරණය සහ සම්පාදනය, නායකත්ව ව්‍යුහය, නායකත්ව අභියෝග, භාව බුද්ධිය සහ යටත් සේවක වර්ධනය යනාදි විෂයන් රැසක් පිළිබඳව දේශන පවත්වා තිබේ.