ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා සිංගප්පූරුවේ දී පැවත් වූ 5 වැනි ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළෙඳ නාම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සඳහා වූ විශිෂ්ටතම මානව සම්පත් මූලෝපාය සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ බව ඔවුන් පවසයි.
ගුවන් සමාගමේ මානව සම්පත් සඳහා කාර්ය නියැළීමේ සහ සංවර්ධන උපාය මාර්ග යටතේ දියත් කළ ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම සම්මාන උලෙළ සඳහා අනුග්‍රහය දැක්වූයේ සේවායෝජක වෙළෙඳ නාම ආයතනය , ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය සහ Stars of the Industry Group යන ආයතන විසින් වන අතර, ආසියාවේ ව්‍යාපාර සන්ධානයේ (Asian Confederation of businesses) අනුමැතියද ඒ සඳහා හිමිව ඇති බව පවසයි.