ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමිලේ ගුවන් ටිකට්පත් ලබාදෙන බවට අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හා මැසෙන්ජර් ඇප් වැඩසටහන් හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවට තොරතුරු වාර්තා වන බවත්, මෙය කිසිසේත්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වැඩසටහනක් නොවන බවත් එම ගුවන් සමාගම මහජනතාව වෙත දැනුම් දෙයි.
මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාජ වෙබ් අඩවියක් විය හැකි බවද පෙන්වා දෙන එම ගුවන් සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය හා සෘජු සම්බන්ධතාවක් නොමැති කිසිදු වෙබ් අඩවියක් වෙත සම්බන්ධ නොවන ලෙසද දැනුම් දෙයි.
එබැවින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය හා සෘජු සම්බන්ධතාවක් නොමැකි කිසිදු ප්රවර්ධනයක් පිළිබඳ වගකීමක් ගුවන් සමාගම නොදරන බවද ඔවුහු පවසති.
මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ “Partner flies free” ප්‍රවර්ධනය පමණක් ක්‍රියාත්මක වන අතර, එය ශ්‍රී ලංකන් ගුවන් සේවා වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පමණක් ඔවුන්ගේ ප්රවර්ධනයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද ඔවුහු පවසති.