ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසියාව සහ මැදපෙරදිග කලාපය වෙත ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ඊයේ (27දා) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පාකිස්තානයේ ලාහෝර් නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ මෙය ගුවන් සමාගමේ නවතම උපායමාර්ගික සැලසුම්වලට අනුව ආසියාව, බටහිර, මැදපෙරදිග සිට නැගෙනහිර චීනය හා ජපානය වෙත වැඩි අවධානයක් යොමු කරමින් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් බවයි. මීට අමතරව රජයේ ප්‍රතිපත්ති අනුව මිහින් ලංකා මෙහෙයුම් ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ සිදුකිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම නව ගුවන් මාර්ග සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මධ්‍යම දුර විහිදුම් ගුවන් යානා වන එයාර්බස් A320 හාA321 ගුවන්යානා මෙහෙයුම් සඳහා යොදා ගනු ඇති අතර, ශ්‍රී ලංකන් දැනටමත් පාකිස්තානයේ වාණිජ මධ්‍යස්ථානය මෙන්ම විශාලතම නගරය වන කරච්චි වෙත දිනපතා ගුවන් ගමන් සේවා සපයනු ලබන බවද පෙන්වා දෙයි.