ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (Sri Lankan Cares) සුවහසක් දැයේ දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරනලද මනෝ චිකිත්සක වාට්ටුව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන ලදී.
නවීන පන්නයේ බහුවිධි පහසුකම් වලින් සමන්විත මෙම වාට්ටුව ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ස්ථාපිත කරනලද මනෝ චිකිත්සක වාට්ටුව වන බවත්, ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් කෙයාර්ස් මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලද බවත් පැවසෙයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් බහුවිධි පහසුකම්වලින් සමන්විත ළමා මනෝ චිකිත්සක වාට්ටුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකන් කෙයාර්ස් පසුගිය වසරේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර, ඒ අනුව සියලු වැඩඅවසන් කිරීමෙන් අනතුරුව 2014 ජූනි මස 24 වැනිදා එය ජනතා අයිතියට පත් කරන ලදී.