ග්‍රාමීය ශ්‍රම බළකාය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව කම්කරු අමාත්‍යාංශ යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල විසින් සංවිධානය කෙරුණු ස්වයං රැකියා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහනේදී ප්‍රදේශයේ ස්වයං රැකියා කරන පුද්ගලයන් 300 දෙනෙකුට ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදාදී තිබේ. මෙහිදී එම පිරිසට අවශ්‍ය පුහුණුව ලබාදෙන ලද්දේ වෘත්තීය පුහුණු අධිකාරිය විසිනි.