විදාතා හරිත කඩමණ්ඩිය - 2017 හෙවත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ආරම්භ විය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ගමට තාක්ෂණය ගෙන යන 'විදාතා' වැඩසටහනේ මූලික අරමුණ දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශ වෙත විද්‍යා හා තාක්ෂණික දැනුම ලබාදීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම බැවින්, අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ මේ දක්වා රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 270කට ආසන්න විදාතා සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කොට තිබේ.
මෙම විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රදේශවල බහුලව පවතින ස්වාභාවික සම්පත්වලට වැඩි වටිනාකමක් ලබාදෙමින් නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මඟපෙන්වීම ඒ සඳහා උනන්දුවක් දක්වන ග්‍රාමීය ජනතාව වෙත ලබාදීම සිදුවේ.
ඒ තුළින් ග්‍රාමීය මට්ටමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට කටයුතු කෙරෙන අතර, මේ වනවිට විදාතා වැඩසටහන හරහා විවිධ ක්ෂේත්රයන්ගෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් බිහි කිරීමට හැකියාව ලැබී තිබේ.
මේ පිරිස අතරින් දිවයිනේ සුපිරි වෙළඳසැල්වලට සෘජුව තම නිෂ්පාදන බිහි කරන සහ විදේශීය වෙළඳපොළට උප ඇණවුම් ලබා දිය හැකි මට්ටමේ සාර්ථක ව්‍යවසායකයන් බිහි වී ඇත.
ඒ අනුව, රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගත හැකි මෙම විදාතා ව්‍යවසායකයන් වෙත සමාජ අවධානය යොමුකරවමින්, දැනුවත්භාවය සහ අවබෝධය තුළින් වස විසෙන් තොර ගුණාත්මක දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සහ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින්, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය විසින් විදාතා හරිත කඩමණ්ඩිය වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.
පසුගිය 26දා ආරම්භ වූ විදාතා කඩමණ්ඩිය 27දා සාර්ථකව නිමාවට පත්ව තිබුණි.