ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක උත්සවය සහ සම්මාන ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ වෘත්තීය කුසලතා අගයමින් ත්‍යාග ප්රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
වෘත්තීය කුසලතා අගය කරමින් ජනාධිපතිවරයා අතින්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාටද සම්මානයක් පිරිනැමුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකා විද්වත් වෘත්තීකයන්ගේ සංගමයේ නව සභාපති රුවන් ගාල්ලගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.