මුදල් අමාත්‍යාංශයේ 2015 වාර්ෂික වාර්තාවේ ගිණුම් පිළිබඳ පැන නැගුණු කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබුණි.
මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාකරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරී ඇත. මෙම සාකච්ඡාව සඳහා මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීහු සහභාගී සිටි බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.