ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන ව්‍යවසායකත්ව සම්මාන 2015 සම්මාන උලෙළ පිළිබඳව පැවති ප්‍රථම මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.
එහිදී, අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් ජාත්‍යන්තර තලයට ප්‍රවේශ වීමේ ප්‍රධානතම නිර්ණායකයක් ලෙස දැක්විය හැකි මේ ව්‍යවසාය සම්මාන ප්රදානය කිරීමේදී එහි ස්වාධීනත්වය වෙනුවෙන් සිය ආයතනය උපරිමයෙන් කැපවන බවයි. එමගින් සම්මාන ප්රදානය සඳහා භාවිත කරනු ලබන නිර්ණායකයන් හි ප්‍රමිතිය උසස් මට්ටමකින් පවත්වා ගෙන යා හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.