ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යවසායකයන් ඇගයීමට ලක් කිරීම මෙන්ම, එම ව්‍යසායකයන් දිරිගැන්වීම උදෙසා සම්මානයට පාත්‍ර කිරීමේ වසරේ මහා සම්මාන ප්රදානය, 'ව්‍යවසායකත්ව සම්මාන 2015' වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිත බව පවසයි.
පෙර වසරවලට වඩා දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රැසක් සම්මාන උලෙළ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව ඇති බවත්, මෙරට ව්‍යසායකත්ව ප්‍රවර්ධනය සඳහා විශාල මෙහෙවරක් ඉටුකරනු ලබන වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සම්මාන ප්‍රදාන උලෙළ ඉතාම ස්වාධීනව හා විනිවිදභාවයකින් යුතුව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරන බවද එම මණ්ඩලය පවසයි.