ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා විවිධ පුහුණු වැඩසටහන් සංවිධානය කරයි. එහි අලුතින්ම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත කණ්ඩායම් හඳුනා ගැනීම සහ පවත්නා ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහාත් පුහුණුව, උපදේශනය, පසු විපරම, අලෙවි ප්‍රවර්ධනය කිරීම යනාදී සේවාවන් සම්පූර්ණයෙන් නොමිලේ සපයනු ලබයි.
මේ යටතේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි වයස අවුරුදු 18ත් 35 ත් අතර පිරිස සඳහා එළැඹෙන අගෝස්තු 16 දා සිට 29 වැනිදා දක්වා තලාහේන මාළඹේ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේදී නේවාසිකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතී.
කේ.බී.බන්දුල ගමගේ, සහකාර අධ්යක්ෂ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කොළඹ දිස්ත්‍රික්කය යන ලිපිනයෙන් හෝ 011-2695388, 070-3200010 යන දුරකථන ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.