ශ්රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්රයේ අංක එකේ සමාගම් සමූහය බවට අඛණ්ඩව පස්වැනි වතාවටත් පත්වීමට බ්රැන්ඩික්ස් සමූහය මෙවරද සමත්ව තිබේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අද (14දා) පැවැත්වූ උත්සවයෙහි ‘වසරේ ශ්රී ලාංකේය අපනයනකරු’ සම්මානය බ්රැන්ඩික්ස් වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදෙන ලදී.
ශ්රී ලංකාවේ ජාතික ආර්ථිකයට අපනයන සමාගම් විසින් සිදුකරන සුවිශාල දායකත්වය ඇගයීම සඳහා පැවැත්වූ මෙම අති උත්කර්ෂවත් උත්සවයේදී මෙරට සියලුම අපනයන අංශ සඳහා ලැබුණු ‘වසරේ අපනයනකරු’ සම්මානයට අමතරව තවත් ගෞරවණීය සම්මාන හතරක් දිනාගැනීමට බ්රැන්ඩික්ස් සමත්වී තිබේ.
මේඅනුව, ‘වසරේ ශ්රී ලාංකේය අපනයනකරු’ සම්මානයට අමතරව ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වැඩිම රැකියා සම්පාදක, ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වැඩිම ශුද්ධ විදේශ විනිමය උත්පාදක, තිරසාර සංවර්ධනයේ විශිෂ්ටත්වය සහ ඇඟලුම් අංශයේ වැඩිම විදේශ විනිමය උත්පාදක වෙනුවෙන් හිමිවන සම්මාන බ්රැන්ඩික්ස් සමූහයට හිමිවී ඇත.