ඉදිරි වසර පහ අවසන් වනවිට මෙරට අපනය ආදායම අද පවතින අගය මෙන් දෙගුණයක් බවට පත් කිරීම නව රජයේ අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
මාතලේ පිහිටි කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ පැවති විශේෂ හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
එමෙන්ම, ලෝක වෙළෙඳ පොළේ ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය හැකි පරිදි ප්‍රාථමික කර්මාන්ත දියුණු කරමින් ශ්‍රී ලංකාව ආසියාවේ අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමද රජයේ අරමුණක් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
සැලසුම්සහගතන බවින් තොරව කටයුතු කිරීම හේතුවෙන් දැනට මෙහෙයුම් අඩාල වී ඇති මත්තල ගුවන් තොටුපළ ඉදිරි වසර දෙක තුළදී මෙරට නිෂ්පාදන අපනයනය කිරීමේ මූලික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් හඳුනාගෙන ඇති බවද පැවසූ ඔහු, එම මෙහෙයුම් ආරම්භ කිරීමේ වගකීම තමාට සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට පැවරූ බවද සඳහන් කළේය.
එමෙන්ම, ඊට අවශ්‍ය නිෂ්පාදන රට තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසත් සාම්ප්‍රදායික සීමාවලට කොටු නොවී නිර්මාණශීලී නව මානයන් ඔස්සේ අපනයන ආදායම උපයාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා විසින්, මලික් සමරවික්‍රම හා තමා සමග දීර්ඝව සාකච්ඡා කර ඇති බවද දයා ගමගේ අමාත්‍යවරයා පවසා සිටියේය.