වවුනියාව නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා වවුනියාව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් මහ අමැති සී.වී. විග්නේශ්වරන්, පාර්ලිමේන්තු කණ්ඩායම් උප නායක සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පසුගිය මාසයේදී පවත්වන ලද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමීදී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත්සභා මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය මත මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදීකිරීමට තීරණය කරමින්, ඊට අදාළ ස්ථානය තෝරාගෙන තිබුණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් වවුනියාව නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම ආර්ථික මධ්‍යස්ථානයෙන් වවුනියාව සහ ඊට ආසන්න ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව සහ පාරිභෝගිකයන්ටද ඉමහත් සේවයක් සැලසිය හැකියි" යනුවෙන් පවසා සිටියේය.