පළාත් පාලන ආයතන මගින් අය කෙරෙන වරිපනම් ඇතුළු වාර්ෂික බදු මුදල් ගෙවීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට ජනතාවට පහසුකම් ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පෙන්වා දෙයි.
මෙම සේවාව ජනවාරි 8 වැනිදා කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙයි.
ව්‍යාපාර බදු, ව්‍යාපාර බලපත්‍ර ගාස්තු, නාගරික කුලී නිවාස ගාස්තු ඇතුළු බදු වර්ග 7ක් අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙයි.
තමන් ගෙවනලද සහ ගෙවීමට නියමිත බදු මුදල් පිළිබඳ විස්තරද අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමට හැකි වන අතර, ගෙවන ලද බදු මුදල් සඳහා අන්තර්ජාලය මගින්ම විද්‍යුත් ලදු පතක් නිකුත් කෙරෙන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරැවන් ප්‍රමාණය හය ලක්ෂයකට ආසන්න වන අතර වාර්ෂික වරිපනම් බදු මුදල් පමණක් රැ.මිලියන තුන්දහස් තුන්සීය ඉක්මවන බවද පැවසෙයි.
මෙම සේවාව ලබාගැනීම ලබන 8දා සිට www.cmc.lk සහ www.srilanka.lk වෙබ් පිවිසීමෙන් හැකියාව ලැබෙන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.