ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක නිකේතන සහ එම කඳවුරු බිම් අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමේ පහසුකම මහජනතාවට ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.
මෙම සංචාරක නිකේතන සහ එම කඳවුරු බිම් වෙන්කර ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම්ද ණයවර පත් සහ ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ හැකි බව පැවසෙයි.
මෙම ඉ-සේවාව හඳුන්වාදීම දෙස් විදෙස් සංචාරකයන්ට විශාල පහසුවක් බවත්, මීට පෙර දේශිය සංචාරකයින්ට මෙම වෙන්කර ගැනීම් සඳහා අගනුවරට පැමිණීමට සිදුවු අතර නව සේවාව මගින් එම අපහසුතාවන් මගහැරී යන බවද නියෝජිතායතනය පවසයි.