එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ගෝලීය මූලාරම්භයන් (Global Initiatives) ඒකාබද්ධව 5 වැනි වාර්ෂික වගකිවයුතු ව්‍යාපාරික තිරසාර සංවර්ධනය පිළිබඳ සංසදය එළැඹෙන නොවැම්බර් 22 - 24 සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.
මෙම ඒකාබද්ධතාව නිසා ව්‍යාපාරික නායකයන් 600ක්, එක්සත් ජාතීන්ගේ ආයතන සහ රාජා්‍ය නොවන සංවිධාන ආදී සියලු ආයතන එක්ව එක්සක් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීම පහසුකරනු ඇති බවද පැවසෙයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම, කඩිනම් කිරීම හා පහසු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද පවසයි.
'නවෝත්පාදනය හා සහයෝගීත්වය තුළින් ගෝලීය ඉලක්ක ඉදිරිපත් කිරීම සඳහා' යන තේමාව යටතේ මේ වසරේ වගකිවයුතු ව්‍යාපාරික සංසදය ව්‍යාපාර, විවිධ රජයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා ජාත්‍යන්තර ප්‍රවීනයන් එක්ව සිද්ධි අධ්‍යයන හා ඉදිරි දර්ශනය සමග ගැඹුර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පරීක්ෂාවට ලක්කරනු ඇති බවද කියයි.