රටේ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කිරීමට ඇති එකම ක්‍රමය සාජු බදු ආදායම වැඩිකර ගැනීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අද සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනතේ බදු සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රටේ ආදායම් බදු ගෙවන්නෙ 18%ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්. වක්‍ර බදු 82%ක් ගෙවනවා. සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන මෙම බර අඩු කිරීමට නම් අපි වක්‍ර බදු බර ක්‍රම ක්‍රමයෙන් අඩු කරන්න ඕනෙ.
වක්‍ර බදු අඩු කරන තියෙන එකම ක්‍රමය සෘජු බදු ආදායම වැඩිකර ගැනීමයි.
අද මේ තියෙන ක්‍රමය යටතේ මෙතන එහාපැත්තෙ වැඩකරන කම්කරුවත් වක්‍ර බදු යටතේ කඩේට ගියාම ගෙවන ගාණමයි, ධනවත් ව්‍යාපාරිකයත් ගෙවන්නෙ." යැයි පවසා සිටියේය.