2015 නොවැම්බර් 21 දිනට යෙදී තිබූ ලෝක ධීවර දිනයට සමගාමීව වගකීමෙන් යුතු 'තිරසාර ධීවර කර්මාන්තයක් උදෙසා පෙළගැසෙමු' යන තේමා පාඨය කර ගනිමින් ජාතික ධීවර මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් සෑම දිස්ත්රික්කයකම ධීවර ප්රජාව නියෝජනය වන පරිදි පා ගමනක් පවත්වා තිබුණි.
එය බම්බලපිටිය දුම්රිය ස්ථානය සිට මුහුදු බඩ මාර්ගයේ කොල්ලුපිටියෙන් ගාලු පාරට ඇතුළු වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා කර ඇත. මෙහිදී ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීමට විරුද්ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක්ද බාරදී තිබේ.
එමෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන් වෙත ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් බාරදීමද සිදුකර තිබේ.
