2016-2017 රජයේ ක්‍රියාකාරී වැඩ සැලැස්මට අනුගතව ශ්‍රී ලංකාවට ආහාර අධාර ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන එකඟත්වය පළ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ දේශගුණික කම්පන හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයට පත්වන ජනතාව කඩිනමින් යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම රජයේ දෙවසරක ක්‍රියාකාරී වැඩ සැලැස්මේ මූලික ඉලක්කය වන අතර, මේ සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇ.ඩො.19,705,165 කි.
ඒ අනුව, වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා දිවා ආහාරය ලබාදීම, ගර්භීණී හා කිරිදෙන මවුවරුන්ට පෝෂණ ආධාර ලබාදීම, ආපදාවන්ට ලක්වූවන්ට යථාතත්ත්වයට පත්කිරීම වැනි මූලික ක්ෂේත්‍ර යටතේ සැකසුණු 2016-2017 රජයේ ක්‍රියාකාරී වැඩ සැලැස්මට ලෝක ආහාර සංවිධානයේ ආධාර ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.