1985 වසරින් පසුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයට අයත්, ලොව විශාලතම ගුවන් යානා හාරක නෞකාවක් වන යූ.එස්.එස්. නිමිට්ස් ප්රමුඛ එක්සත් ජනපද ප්‍රහාරක නෞකා කණ්ඩායමක් කොළඹ වරායට පැමිණ තිබේ.
තට්ටු 23කින් සමන්විත නිමිට්ස් නෞකාවේ සුවිශේෂී දසුන් කිහිපයක් මෙසේ අද කැමරා කාචයට මුසුවූ අතර, තට්ටු 23කින් සමන්විත එය ආසන්න වශයෙන් මීටර් 333ක් පමණ දිගකින් යුතුය.
පුද්ගලයන් 5,000කට එහි නවාතැන් පහසුකම් තිබෙන අතර එහි මුළුතැන්ගෙය මගින් සෑම දිනකම ආහාරවේල් 18,000ක් සපයනු ලබන බව සඳහන් විය.
දිනකට ජලය ලීටර් මිලියන 1.5ක් මෙමගින් නිපදනවන අතර, එහි ඇති සැලූන් දෙක මගින් සෑම සතියකම 1500කගේ කොණ්ඩා කැපීමේ පහසුකම් ඇති බවද සඳහන් වෙයි.
යූ.එස්.එස්. නිමිට්ස් නෞකාව වොෂිංටන් නගරයේ වරාවේදී නිපදවූවකි.
එමෙන්ම, මෙම ප්‍රධාන නෞකාව ප්රමුඛ එක්සත් ජනපද ප්‍රහාරක නෞකා කණ්ඩායම පැමිණීමත් සමග එම නෞකාවන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමත්, දහස් ගණනක් එක්සත් ජනපද නාවිකයන් මෙරටට පැමිණීමත් තුළින් රු.බිලියන 1.54ක පමණ වාසියක් ශ්‍රී ලංකාවට අත්වන බව ඇස්තමේන්තු කර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ