ජාතික ලොතරැයි මණ්ඩලයේ රු.මිලියන 375ක් පසුගිය රජය සමයේ මැතිවරණ ප්රචාරක ඇතුළු දේශපාලන කටයුතු සඳහා යොදාගනු ලැබ ඇති බව එහි සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිනිය මෙසේ අදහස් පළ කළාය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය පවසා සිටියේ ඉන් රු.මිලියන 200ක් 2014 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.
සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේ එම වියදම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාද තමන්ගෙන් ඉල්ලීමක් කොට ඇති බවය.