ලොකු ලූණු ප්රශ්නයේදී රජයට පාරිභෝගිකයාවද ආරක්ෂා කරගත යුතු බවත්, ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් මත රු.40/- ක බද්දක් පනවා තිබියදීත් තමාගේ අස්වැන්න අලෙවි කරගැනීමට බැරිනම් අපේ ලොකු ලූණු ගොවීන් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ 29 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"දඹුල්ලේ ලොකු ලූණු ගොවීන් ස්ථාවර මිලක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කරල තිබුණා. මේ වනවිට අපි ආනයනික ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් මත රුපියල් 40ක බද්දක් පනවල තියෙන්නෙ. අපට පාරිභෝගිකයා ආරක්ෂා කර ගන්නත් ඕනෙ. ඒ වගේ බද්දක් පනවල තියෙද්දිත් තමන්ගෙ අස්වැන්න අලෙවි කර ගන්න බැරි නං අපේ ලූණු ගොවීන් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් පවතිනවා." යනුවෙනි.