ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාහෝර් වෙත සිය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් එරට ප්රමුඛ සංචාරක නියෝජිතවරුන් සහ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ සුහද චාරිකාවක් පසුගියදා සංවිධානය කර තිබේ.
මෙම කණ්ඩායම කොළඹ නගරයේ විවිධ සංචාරක ආකර්ෂණීය දසුන් සහ බෙන්තොට නගර ආශ්රිත සුන්දර දසුන් දැකබලා ගැනීම සඳහා සංචාරයේ යෙදී ඇත. කොළඹ නගරයේ ඇති බහුසංස්කෘත ලක්ෂණ මෙන්ම තරු පහේ සුපිරි හෝටල්වල රසවත් ආහාර පාන, ගංගාරාම පන්සල, ලන්දේසි පල්ලිය, හින්දු කෝවිල්, ටවුන්හෝල් පරිශ්‍රය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව යන ස්ථාන දැකබලා ගැනීම සඳහා සංචාරය කර ඇත.
කොළඹ සාප්පු සවාරි සහ රාත්‍රී ජීවිතය අත්දැකීමටද ඔවුන්ට අවස්ථාව උදාවී ඇති අතර, මෙම කණ්ඩායම සඳහා බෙන්තොට සංචාරයේදී ජල ක්‍රීඩා මෙන්ම බෝට්ටු සවාරියක් සමගින් බෙන්තොට ගඟේ අසිරිය විඳගැනීමට අවස්ථාව හිමි වී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වශයෙන් රටවල් 48 ගමනාන්ත 100 දක්වා පියාසර කරනු ලබයි.