සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ශිල්ප සභාව මගින් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ කොට්ඨාසයේ උණවේරුව හා පහළ හපුවිද ගම්මාන සංවර්ධනය කිරීම සඳහා රු.ලක්ෂ 70ක් පමණ වැය කොට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව පවසයි.
ඒ අනුව උණවේරුව සේසත් ගම්මානයේ සාම්ප්‍රදායික සේසත් කර්මාන්ත කරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රු.ලක්ෂ 40ක් පමණ වැය කරමින් විශාල පරිමාණයේ වැඩබිම් 15ක් සංවර්ධනය කොට ඇත. පහළ හපුවිද ලාක්ෂා කර්මාන්ත කරුවන්ගේ ගම්මානය සඳහා රු.ලක්ෂ 30ක් පමණ වැය කොට වැඩබිම් 30ක් සංවර්ධනය කර තිබේ.
මෙසේ සංවර්ධන කළ වැඩබිම් ශිල්පීන්ට පවරාදීම සහ ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය බෙදා දීම ලබන 25 දින විෂයභාර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ අමාත්‍ය වීර කුමාර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වීමට නියමිත බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.