ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් බස් රථ 2,200ක් ගෙන්වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙය අනාවරණය කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි මෙසේ ගෙන්වන බස් රථ 2,200 අතුරින් බස් රථ 1,000ක් සඳහා මහා භාණ්ඩාගාරය ගෙවීමේ පදනම මත මුදල් ලබාදෙන බවත්, ඉතුරු බස් රථ 1,200 සඳහා මුදල් ලංගමය හම්බකර ගෙවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.