ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මාලදිවයිනේදී සංවිධානය කරනු ලබන, ලංකා අධ්‍යාපන සේවා ප්‍රවර්ධන ප්‍රදර්ශනය හෙට (06දා) සිට 08 වැනිදා දක්වා එරට මාලේ නුවරදී පැවැත්වීමට නියමිතය.
එරටදී දෙවැනි වරට සංවිධානය වන මෙම ප්‍රදර්ශනය 2014 වසරේදී ප්‍රථම වරට සංවිධානය විය. මේ සඳහා අධ්‍යාපන සේවා සමාගම් 14ක් සහභාගී කරවූ අතර, එය සේවා අපනයනය සම්බන්ධයෙන් මෙරට සමාගම් දූත පරිසක් විදේශ ගත කළ ප්‍රථම අවස්ථාව විය.
එම ප්‍රදර්ශනය තුළින් අත්කරගත් සාර්ථකත්වය මත මෙවර ඒ සඳහා කීර්තිමත් දේශීය අධ්‍යාපන සේවා සමාගම් විස්සක් (20) සහභාගී කරවීමට නියමිතය.