වසර 150ක් පමණ පැරැණි රේගු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 1861 දී හඳුන්වාදී ඇති ශ්‍රී ලංකා රේගු ආඥාපනතට මේ වනවිට එක්කර ඇති සංශෝධන සංඛ්‍යාව 50කට අධිකය. ජාත්යනන්තර වෙළෙඳ පොළේ මතු වී ඇති නූතන ප්රවණතා සහ තාක්ෂණික වර්ධනය නිසි ලෙස අන්තර්ග්‍රහණය කර, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය තහවුරු කරන අයුරින් මෙම සංශෝධනය සිදුකිරීම රජයේ අරමුණ වී ඇත. මෙමගින් ශ්‍රී ලංකාව වෙත සිදුකරන භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කෙරෙන අතර, අක්‍රමිකතා අවම කරගැනීමටද හැකියාව උදාවන බව මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම ආඥාපනත සංශෝධනය කිරීමේදී ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අධ්‍යාපනඥයන්, වෘත්තීයවේදීන්, වෘත්තිය සමිතිවල සේම මහජන අදහස් ලබාගැනීමට අපේක්ෂා කර තිබේ. ඒ අනුව, ක්ෂේත්රයට අදාළ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.