ඉන්දීය රජයේ ආධාර ඇතිව, රු.බිලියන 1.2 ක් වැයකරමින් යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය සැරසෙයි.
ඒ අනුව, මෙම ඉදිකිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සිංහ මහතා විසින් සිදුකරන ලදී.
උතුරු පළාත් ජනතාවට සංස්කෘතික සහ කලා කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකරදීම මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරිමේ අරමුණ බව කියැවෙයි. 600ක් සඳහා ආසන පහසුකම් සහිත පේ්රක්ෂකාගාරයක්, සම්මන්ත්රණ ශාලා, භාෂා විද්‍යාගාර, පුස්තකාල, අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සහ සංස්කෘතික කෞතුකාගාරයකින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සමන්විත වේ. සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වාස්තු විද්යාත්ම සැලසුම ප්‍රවීණ වාස්තු විද්‍යාඥ මධුර පේ‍්‍රමතිලක මහතා විසින් නිර්මාණය කර ඇති බව කියැවෙයි.
මෙම අවස්ථාවට උතුරු පළාත් ජනාධිපතිකාර්ය සාධක බලකායේ ලේකම් එස්.බී. දිවාරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධ කුමාරසිරි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිභාෂ්වර ගුණරත්න සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.