ශ්‍රී ලංකාව රටක් ලෙස කළ කැපකිරීම් සලකා බලල ජී.එස්.පී ප්ලස් සහන නැවත ලබාදීමට ආසන්න තත්ත්වයකට පැමිණ ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (20දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාව රටක් ලෙස කළ කැප කිරීම් සලකා බලල ජී.එස්.පී ප්ලස් සහන නැවත ලබාදෙන්න ආසන්න තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඒක ලැබුණොත් රටේ අපනයනට ඉන් ලැබෙන වාසිය මම අමුතුවෙන් කිව යුතු නැහැ. 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජය විසින් ලබාගත් මේ සහනය 2009 දී අපට අහිමි වුණා. අපේ අරමුණ වන්නේ යළි එය ලබා ගැනීමයි.
මූල්‍ය විනයක් සහිතව රටක් ඉදිරියට ගෙනයන්නෙ නම්, ඒ රටට ජාත්‍යන්තරයේ සහාය ලැබෙනවා. ඊට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකාව. අපි පසුගියදා සහභාගී වූ ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමුළුවේදී එය තව තවත් තහවුරු වුණා." යැයි පවසා සිටියේය.