රජරට වකුගඩු රෝග බහුලව පවතින ගම්මාන වෙත නවමු ජල පිරිපහදු (ප්‍රතිආශ්‍රැති කුඩා ජල පවිත්රාගාර - RO Plant) මගින් පිරිසුදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන අද (25දා) ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ඒ අනූව පදවිය - පරාක්රමපුර ජල පිරිපහදුව කොකා-කෝලා සමාගමේ අනුග්‍රහයෙන්ද, රඹෑව - වහමල්ගොල්ලෑව ජල පිරිපහදුව ජාතික ප්‍රජාජල භාරයයෙන්ද, පදවිය - බෝගහවැව ජල පිරිපහදුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු ( RO Plant) ස්ථාපිත කෙරෙන බව පැවසෙයි.
2014 අයවැය හරහා මෙම වැඩසටහනට රු.මිලියන 900ක් වෙන්කර තිබේ.