2012 වසර සමග සැසඳීමේදී රක්ෂණ ක්ෂේත්රයේ සමස්ත දළ ලිඛිත වාරිකය (GWP) 8.39%ක වර්ධනයක් පෙන්නුම් කරමින්, මුළු වත්කම් 12.9%ක වැඩිවීමක් පෙන්වන බවත්, ඒ අනුව රක්ෂණ කර්මාන්තය 2013 වසරේදී වර්ධනයක් පෙන්නුම් ඇති බවත් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පවසයි.
2013 වසරේ දීර්ඝ කාලීන (ජීවිත) සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවල සමස්ත දළ ලිඛිත වාරික ආදායම රු.මිලියන 94,483 ක්වූ බවත්, එය 2012 වසර තුළදී ලැබූ ආදායම වන රු.මිලියන 87,171 හා සසඳන විට 8.39%ක වර්ධනයක් බවත් පෙන්වා දෙයි.
එමෙන්ම, රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරික ආදායම රු.මිලියන 53,177ක් වී තිබේ. 2012 වසරේදී එය රු.මිලියන 49,694ක් ලෙස පැවති බව කියයි. එබැවින්, 2012 වසරට සාපේක්ෂව 2013 වසරේදී දීර්ඝ කාලීන හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවල සමස්ත දළ ලිඛිත වාරික ආදායම පිළිවෙලින් 10.22% සහ 7.01% වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 වසර අවසානයේ දී රක්ෂණ සමාගම්වල මුළු වත්කම් රු.මිලියන 356,566ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය 2012 වසර අවසානයේ දී පැවති රු.මිලියන 315,817ට සාපේක්ෂව 12.9%ක වර්ධනයක් බව කියැවෙයි. ඒ අනුව, 2013 වසර අවසානයේ දී දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාර වත්කම් රු.මිලියන 217,004ක් විය. (2012 වසර අවසානයේ එය රු.මිලියන 190,642කි). 2013 වසර අවසානයේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවල වත්කම් රු.මිලියන 146,778ක් විය. (2012 වසර අවසානයේ එය රු.මිලියන 131,201කි). ඒ අනුව වර්ධනය පිළිවෙලින් 13.83% සහ 11.87%ක් ලෙස දැක්විය හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.