ශ්‍රී ලංකාවේ "සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම" සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර  මුදලක් (යෙන් බිලියන 10 ක්) ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
	මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා විසින්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (30දා) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී  භාරදෙනු ලැබීය.
	2016  අයවැය මඟින්,  රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්, කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීමක් වශයෙන්, මෙම ණය මූල්‍යාධාරය  පිරිනැමීමට ජපාන රජය තීරණය කර තිබේ.