යාපනය දිස්ත්‍රික්කයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සුබසාධනය සඳහා කයිතඩිහිදී හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානයක් පිහිටුවීමට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව ජාතික ශිල්ප සභාව පවසයි.
ජාතික ශිල්ප සභාවේ යෝජනාවක් අනුව ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙම හස්ත කර්මාන්ත ගම්මානය ඉදිකිරීමට නියමිතය.
ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස තුන තුළ ආරම්භ කිරීමට සැලසුම් කරන අතර, එමගින් යාපන දිස්ත්‍රික් හස්ත කර්මාන්ත ශිල්පීන්ට තම නිර්මාණ අලෙවි කිරීම සඳහා සියලු පහසුකම් සලසා දෙනු ලැබෙන බවද කියැවෙයි.
ඒ9 මාර්ගයට මායිම්ව ඉදිවන මෙම ගම්මානයේදී යාපනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට හස්ත කර්මාන්ත නිෂ්පාදනය කෙරෙන ආකාරය නරඹන අතරම ඒවා මිලදී ගැනීමටද අවස්ථාව උදාවනු ඇති බව ශිල්ප සභාව පවසයි.