ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ දිනවල ඌව පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන 'ගමකින් ගමකට ගෙයකින් ගෙයකට' ජනතා සත්කාරක සේවා වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ ජංගම සේවා 80ක් ජුනි මස අවසන් වනවිට නිමාවට පත්කර ඇති බව පවසයි.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් විශාලත්වය අනුව දෙවන ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයට හිමි වේ. එම දිස්ත්‍රික්කය ඌව පළාතට අයත් වන අතර අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 5,659කි. මෙම දිස්ත්‍රික්කය තුළ ජනගහනය 448,142 ක් වන අතර ඉන් 224, 673 දෙනෙකු ස්ත්‍රින්ය. 223, 469 දෙනෙකු පුරුෂ පක්ෂයට අයත්ය. ලියාපදිංචි ඡන්ද දායකයින්න්ගේ සංඛ්‍යාව 315, 452කි. මෙම දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ 03කින් සමන්විත වන අතර එයට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව 11 ක් වේ. ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 319 කි.
මොනරාගල දිස්ත්‍රික්කයේ වෙසෙන අවශ්‍යතාවයන් සිහිත සියලුම ජනතාවගේ ගැටලු හඳුනා ගනිමින් මුලු රාජ්‍ය තන්ත්රයම ගමට ගෙන යමින් ඒවාට කඩිනම් විසදුම් ලබාදීම ජංගම සේවා වැඩසටහන හරහා සිදු කෙරේ. මෙතෙක් පවත්වන ලද ජංගම සේවා 80 සඳහා 35,654ක පිරිසක් සහභාගී වී අතර එහිදී හඳුනාගන්නා ලද ජනතා ගැටඃඵ සංඛ්‍යාව 38648කි. එම ගැටලු අතරින් 15,371කට එදිනම විසදුම් ලබාදීමට හැකිවී තිබේ. මෙම ජංගමසේවා පවත්වනු ලැබූ දිනයන්හිදීම ජනතාව වෙත ලබාදෙන ලද උපකරණ සංඛ්‍යාව 270කට අධික වේ.
විවාහ සහතික ලබාගැනීම, ඉඩම් ඔප්පු සකසා ගැනීම, උප්පැන්න සහ ජාතික හැඳුනුම් පත් සකසා ගැනීම වැනි රාජ්‍ය සේවා අංශයේ කටයුතු සඳහා මෙම ජංගම සේවා හරහා ජනතාවට අවස්ථාව ලබා දෙන ලදී. මොනරාගල පැවති ජංගම සේවා සඳහා සෞඛ්‍ය අංශයේ සේවාව ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර පානීය ජල ටැංකි සහ සනීපාරක්ෂක අංශයේ පවතින ගැටඃඵ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
මෙම ජංගම සේවා වැඩසටහන සඃදහා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන් 9,764ක් පමණ සහභාගී වී තිබුණි. පැමිණ සිටි ජනතාව තම ගැටලුවලට ලැබූණු විසදුම් පිළිබඳව සතුටට පත්වන බවත් මෙවැනි වැඩසටහනක් තමන්ගේ ගමට ගෙන එමින් මේ ගෙන යන වැඩසටහන ඉතා විශිෂ්ට බවත් පවසා තිබේ.