ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු ප්රගතිදායක තත්ත්වයක පසුවන බැවින්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පූර්ණ සහාය ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට ලබාදෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර අධ්යක්ෂ ජනරාල් හිරෝයූකි කොනුමා මහතා පවසයි.
පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමුවූ අවස්ථාවේදී හෙතෙම මෙසේ පවසා ඇත.
අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉතාලියේ රෝම නගරයේ පැවති ධීවර කමිටු සමුළුවට පසුගියදා සහභාගි වූ අතර එහිදී මහින්ද රාජපක්ෂ ගෝලීය ජලජීවි වගා අරමුදල පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් එහි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.
නිල් සයුරු ආර්ථිකය තුළින් ජනතාවගේ දරිද්‍රතාව, දුරු කරමින්, ආහාර සුරක්ෂිතතාව ඇති කරමින්, ජලජ සම්පත් තිරසාර සංවර්ධනයක් ඇති කළ හැකි බව කොනූමා මහතා පැවසිය.