යුද ගැටුම්වලින් පසුව නැවත පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මුලතිව්හි වැලිඔය හා මන්නාරමේ මුසලි ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්ත ශාලා පිහිටුවීමට අක්කර 75ක් රජයෙන් ලබාදීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය හා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙමින් අදාළ ප්‍රදේශවල සිදුකරනලද සමීක්ෂණයේදී එම ප්‍රදේශවල ඇඟලුම් ක්ෂේත්රයේ රැකියා කිරීමට කැමැත්තක් දක්වන 2,500කට අධික ශ්‍රමිකයන් පිරිසක් සිටින බවත් 500 දෙනකු දැනටමත් වෙනත් ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්ත ශාලාවල පළපුරුද්ද ලබා ඇති බවත් හෙළි ව තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අක්කර 50ක භූමියක වැලිඔය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඟළුම් හා ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති 05ක් ද මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොණ්ඩච්චි ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කල්ලාරු ග්‍රාමයෙහි පිහිටි රජයේ අක්කර 25ක භූමි ප්‍රදේශයක ව්‍යාපෘති 05ක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම කටයුතු ඉදිරියට කරගෙන යාමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගනු ලබන බව කියැවෙයි.