මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක නියෝජිතයන් 408ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් 24කගේ සහභාගීත්වයෙන් ජූලි මස 15 සිට 21 දක්වා කොළඹදී සාර්ථකව පැවැත්වීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේදී මුදල් විශුද්දිකරණය වැළැක්වීම හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ වංචා හා දූෂණ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් වැරදි ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාතික වශයෙන් කැපවී ක්‍රියා කරන බවට ඔවුහු සපථ කළහ. තවද මේ සඳහා කැපවී වැඩකරන දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතවයක් පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළේය.